සහරාන්ගේ බිරිඳට කොවිඩ්
පාස්කු බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරු වන සහරාන්ගේ බිරිඳට කොවිඩ් අසාදිත බව අනාවරණය කරගෙන ඇත.
මේ නිසා අද (07) පොළොන්නරුව වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත දැඩි ආරක්ෂාව යටතේ රැගෙන ආ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
වැලිකඩ බන්ධනාගාරයේ සිටි’ 25 හැවිරිදි අබ්දුල් කාදර් ෆාතිමා හදියා නම් වූ ඇය බන්ධනාගාර හා පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව මත රැගෙනවිත් තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
