News

කොග්ගල මුහුදු වෙරළේ නාදුනන කාන්තා මල සිරුරක්

කොග්ගල ගුවන්තොටුපල ඉදිරිපිට මුහුද වෙරළට අද(07) දහවල් කාන්තා මළ සිරුරක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 40 කට ආසන්න තැනැත්තියකගේ බවට නිරීක්ෂණය වී ඇති අතර අදාළ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා එය කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.