බස්නාහිර සහ තවත් ප්‍රදේශ කිහිපයක ඇඳිරිය ඉවතට
බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) සිට අනිවාර්යයෙන්ම ඉවත්කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
ඒ නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00 සිට ඉවත්වන පිරිදි යි.
නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් පොලිස් වසම් 12ක් සහ අවදානම් බවට හඳුනාගෙන ඇති මහල්නිවාස සංකීර්ණ කිහිපයක් බාහිර සමාජයට පිවිසිය නොහැකි වන පරිදි හුදකලා කරන බව වැඩි දුරටත් පැවසෙනවා. දැනට කොළඹ දිස්ත්‍රික්කය තුළ හමුවන ආසාදිතයන් වැඩි පිරිස මෙම ස්ථාන තුළින් හඳුනාගන්නා බව යුද හමුදාපතිවරයා සඳහන් කරනවා.
කුරුණෑගල, කුලියාපිටිය, කෑගල්ල සහ මාවනැල්ල ප්‍රදේශවලටත් පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00 සිට ඉවත් කරන බවද ඔහු සඳහන් කරනවා.
හෙට ඇඳිරි නීතිය නොතිබුනත් හුදකලා කරන ප්‍රදේශ මෙන්න –
කොළඹ දිස්ත්‍රික්කය-
මට්ටක්කුලිය
මෝදර
බ්ලූමැන්ඩල්
කොටහේන
ග්‍රෑන්ඩ්පාස්
කෙසෙල්වත්ත
වෙරලබඩ පොලිස් වසම
ආදුරුප්පූ වීදීය
මාලිගාවත්ත
දෙමටගොඩ
වැල්ලම්පිටිය
බොරැල්ල
ගම්පහ දිස්ත්‍රික්කය-
ජා ඇල
මීගමුව
වත්තල
පෑලියගොඩ
පමුණුගම
රාගම
සපුගස්කන්ද
කලුතර දිස්ත්‍රික්කය-
හොරණ
ඉංගිරිය
වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම
කුරුණෑගල දිස්ත්‍රික්කය-
කුරුණෑගල නගර සීමාව
කුලියාපිටිය පොලිස් වසම
කෑගල්ල දිස්ත්‍රික්කය-
මාවනැල්ල
රුවන්වැල්ල
අද උදැසන රුපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළා.
