News

උපදෙස් නොතකා ඇතුළුවීමට තැත්කළ ව්‍යපාරිකයා නිරෝධායනයට

මුව ආවරණ නොමැතිව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුලුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ව්‍යපාරිකයා දින 14ක් නිරෝධායනයට ලක්කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

එම ව්‍යපාරිකයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ උපදෙස් නොතකා මුව ආවරණ නොමැතිව ඊට ඇතුළුවීමට උත්සහ කිරීමේදී ඊයේ (07) අත්අඩංගුවට ගැනුණේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මතයි.

දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් සති දෙකක කාලයක් නිරෝධායනයට ලක් කරන ලෙස නියෝග කෙරුණා.