අ’පුර යාචකයෙක්ට කොරෝනා
අනුරාධපුර පූජා නගරයේ සැරිසරන යාචකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වී තිබේ.
අනුරාධපුර පුජා නගරයේ සිංහ කුළුන ආසන්නයේ රැදි සිටි 80 හැවිරිදි යාචකයෙකුට මෙලෙස වෛරසය වැළඳී ඇති බව තහවුරු වේ.
ඒ අනුව අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක සැරි සරන ලද යාචකයන් 81 දෙනෙකු නිරෝධායනයට ලක් කිරිමට අනුරාධපුර නගර සභාවේ සෞඛ්‍ය පරික්ෂකවරු ඊයේ(08) කටයුතු කර ඇත.
ශ්‍රී මහා බෝධි මාවතේ මල්වතු ඔය අසළ යාචකයින් රැඳී සිටින ස්ථානයේ කාලයක් තිස්සේ මොහු නවාතැන් ගෙන සිට ඇති බව වාර්තා වේ.
මෙම යාචකයන් සියළු දෙනා රඹෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පරසන්ගස්වැව,කාටුපුලියන්කුලම පාසලේ රදවා දින 14 කාලයක් නිරෝධායනය කිරිමට පියවර ගන්නා අතර නිරෝධායනය කිරිමෙන් පසුව ඔවුන් පිසිආර් පරික්ෂණයකටද ලක්කිරිමට නියමිත බව අනුරාධපුර නගර සභාවේ ප්‍රධාන මහජන සෙෘඛ්‍ය පරික්ෂක බණ්ඩාර මහතා සදහන් කළේය.
