විපක්ෂනායක ධුරය හිටපු ජනපති මහින්දට
විපක්ෂයේ වැඩිම මන්ත්‍රී ආසන හිමි පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ලෙස පත් කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තු සභාවාරයේදී ප්‍රකාශ කළේය.
ඒ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති බැවින් ඔහුට විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බවයි.