News

කොවිඩ් ආසාදිතයෙක් දන්ත සායනයට ඇවිත්

කොවිඩ්-19 ආසාදිතයෙකු පැමිණි බවට තහවුරු වීමත් සමග කටුගස්තොට තිත්තපජ්ජල ග්‍රාමීය රෝහලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයකු හා හෙද කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමුකර තිබේ.

ගලගෙදර ප්‍රදේශයේ පදිංචි කොවිඩ්-19 ආසාදිත පුද්ගලයා රෝහලේ දන්ත වෛද්‍ය සායනයට පැමිණ පසුව හෑදෙණිය ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින්ද ප්‍රතිකාර ලබාගෙන ඇත.

රුධිර පරීක්ෂණයක් සඳහා ඔහු වෛද්‍ය රසායනාගාර දෙකකටද ගොස් තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබේ.

කමල් සුරවීර – මහනුවර