News

කොරෝනා ආසාදනය වූ 595ක් සුවය ලබයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 595දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන විට මෙරට කොවිඩ් ආසාදිතයින් 8880දෙනෙකු සුවය ලබා ඇති බවයි.

තවත් 5,014දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

ගතවූ කාලසීමාවේ සිට අද දිනයේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 13,929කි.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 35කි.