ලංකා මුහුද ආක්‍රමණය කළ යාත්‍රා වෙන්දේසියේ
උතුරු මුහුදේ ගොඩ ගැසී ඇති ඉන්දීය ධීවර යාත්‍රා 121ක පමණ ප්‍රමාණයක් වෙන්දේසි කිරීමට පියවර ගෙන තිබේ.
ඉන් බෝට්ටු 94ක් වෙන්දේසි කිරීම සඳහා අධිකරණ අවසරයද ලැබී ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ උදිත ගම්හේවා ඊයේ (09 වැනිදා) අරුණ,ට පැවසීය. 2015 – 2018 කාලසීමාවේදී අත්අඩංගුවට පත් මෙම යාත්‍රා කරෙයිනගර් එළාර නාවික හමුදා කඳවුරට අයත් මුහුදු ප්‍රදේශයේ ගොඩ ගැසී ඇත.
මෙලෙස යාත්‍රා ගොඩ ගැසීම හේතුවෙන් ඒවා විනාශ කිරීමට කටයුතු කරන බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඉන්දීය බලධාරීන් හමුවේ අවධාරණය කර තිබේ. ඒ අනුව ඔවුන්ගේද එකඟත්වය මත මෙම යාත්‍රා වෙන්දේසි කර එම මුදල් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් බෝට්ටු හිමිකරුවන්ට ලබාදීමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ යාපනය කාර්යාලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
එෆ්. අස්ලම් / අශිකා ජයවීර
