පොලිස් නිලධාරීන් 460කට කොවිඩ්
පොලිස් නිලධාරීන් 460කට ආසන්න ප්‍රමාණයකට අද(10) වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලින් වාර්තාවන කොරෝනා ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 260 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතරින් යම් පිරිසක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර කොළඹ නගරය තුළ ආසාදිත බවට පත්ව ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ සොයා බැලීම සඳහා අද (10) දිනයේ සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක් ද පොලිස්පතිවරයා විසින් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඇඳිරිනීතිය පටන් දිනයේ සිට අද දක්වා වැඩ කළ පොලිස් නිලධාරීන් 80,000කට ආසන්න පිරිසක් අතරින් කොටසකට වෛරසය වැළඳී ඇති අතර මාළු කඩේ පොකුරට යම් ආකාරයකින් සම්බන්ධ වීම හේතුවෙන් මේ තත්වය ඇති වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
