News

පෑලියගොඩ පොලිසියේ කාන්තා නිලධාරිනියකට කොවිඩ්

පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරන සපුගස්කන්ද කාන්තා පොලිස් බැරැක්කයේ නවාතැන් ගෙන සිටි නිලධාරිනියකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇත.

බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන්ත පෙරේරා ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි එම නිලධාරිනිය මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කළ බවය.

මේ හේතුවෙන් එම බැරැක්කයේ නවාතැන් ගෙන සිටි පොලිස් නිලධාරිනියන් 14 දෙනා එම ස්ථානයේම නිරෝධායනය වීම සඳහා උපදෙස් දුන් බවද හෙතෙම කීවේය.

පසුගිය 21 වැනිදා එම පොලිස් නිලධාරිනිය පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අසල රාජකාරි කටයුතුවල නිරතව සිටි බවද සමන්ත පෙරේරා සඳහන් කළේය.

 

චාමර පල්ලේගෙදර