News

මස්කෙළියේ 12හැවිරිදි සිසුවියකට කොවිඩ්

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ ගල් කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 12හැවිරිදි පාසල් සිසුවියකට කොවිඩ් ආසාදිත වී ඇත.

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පුද්ගලයින් 163කට සිදුකළ PCR පරීක්ෂණ වලදී මේ බව තහවුරු කර ගෙන තිබේ.

පවුලේ සාමාජිකයන් අතරින් එම දැරියට පමණක් කොවිඩ් ආසාදිත අතර දැරිය පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ආසදිතයකුගේ නිවසක දානමය පින්කමකට සහභාගී වී ඇති බව අනාවරණය කරගෙන ඇත.

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී.චන්ද්‍රරාජන් මහතා සඳහන් කලේ දැරිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර බව පවසනවා .