අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් හදිසියේම මියයයි
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියකු අද (11) අලුයම මියගොස් තිබේ. හදිසියේම රෝගාතුර වී මෙසේ මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.
එසේ මියගොස් ඇත්තේ හලාවත ප්රදේශයේ පදිංචිව සිටි 28 වැනි වියේ පසුවූ රැඳවියකු බව සඳහන්. මොහු අපචාර සිද්දියක් සම්බන්ධයෙන් සිරගතවූ අයෙක් බව ද වාර්තාවේ. මියගිය රැඳවිගේ සිරුර අඟුණකොළපැලැස්ස දිස්ත්රික් රෝහලේ තැන්පත්කර තිබේ.
