News

මහනුවරින් ආසාදිතයන් 63ක්

මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 63ක් හඳුනාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කර තිබේ.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 තුළ එම රෝගීන් වාර්තා වී ඇති අතර නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 900ක් බවද පැවසෙනවා.

මේ වනවිට රෝග ව්‍යාප්තිය වැලැක්වීමට පොලීසිය හා හමුදාව සහ ප්‍රාදේශීය ලේකම්වරු එකතුව කටයුතු කරන බවද මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කරනවා.