ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් 3ක් රට යවයි
විද්‍යුත් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් තුනක් ජපානයට අපනයනය කිරීම අද (11 වැනිදා) සිදු කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසීය.
පරිසර අමාත්‍යාංශයේ ඊයේ (10 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීවේය. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී මෙම විද්‍යුත් අපද්‍රව්‍ය තොගය අද අපනයනය කිරීමට නියමිතය.
පරිසර අමාත්‍යාංශය, තැපැල් දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරන ලද විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස් කිරීමේ සතිය තුළදී තැපැල් කාර්යාලවලට එකතු වූ පළමු තොගය මෙලෙස අපනයනය කෙරේ. පුත්තලම පිහිටි INSEE සිමෙන්ති සමාගම විසින් මෙම විද්‍යුත් අපද්‍රව්‍ය තොගය අපනයනය කිරීමට නියමිතය.
සාලිය කුමාර ගුණසේකර
