News

නිළ ඇඳුමේ ගෞරවයට හානිවන දේ මුහුණු පොතට දැම්මොත් පොලිස් නිලධාරීන්ට දැඩි දඬුවම්

පොලිස් නිල ඇඳුමින් සැරසී සමාජ මාධ්‍ය ඔස්සේ පොලිසි​යේ කීර්තිනාමයට හානිවන අයුරින් හැසිරෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්යාංශය, පොලිස් මාධ්‍ය කොට්ඨාසය හා පොලිස් ​තොරතුරු තාක්ෂණ කොට්ඨාස වෙත නියෝග ලබා දී තිබේ.

ටික්ටොක්, මුහුණු පොත හා යූ ටියුබ් ඔස්සේ පොලිසියේ කීර්තිනාමයට හානිවන අයුරින් හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් පැනවීම හෝ සේවයෙන් පහකිරීමට ඉඩ ඇති බවද පොලිස්පතිවරයා අවධාරණය කර තිබේ.

හේමන්ත ලියනපතිරණ