News

බෝගම්බර බන්ධනාගාරයේ ආසාදිතයන් 23ක්

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි රිමාන්ඩ් සැකකරුවන් 23කට කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන ඇත. PCR පරීක්ෂණ වාර්තා මගින් ඒබව තහවුරු වී ඇති බව එම බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු සඳහන් කර තිබේ.

මෙම සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතරුව බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ පිරිසක් බවද පැවසේ.

මින් පෙරද බෝගම්බර බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙකු සහ රැඳවියන් හත් දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුනා. පසුව ඔවුන් තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබුනා.

පල්ලෙකැලේ දුම්බර බන්දනාගාරයෙන්ද එක් සැකකරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු ව තිබුණ අතර බන්ධනාගාර දෙකෙන් හමුවී ඇති කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 32ක් බවද වාර්තා වේ.