ලාංකිකයන් නැවත ගෙන්වීම ලබන සතියේ සිට
විදෙස්ගත ලාංකිකයන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට නැවත ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
විදෙස් ගත ලාංකිකයන් නැවත ලංකාවට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිවුවා තිබුනේ පසුගිය ඔක්තෝබර් 12 සිටයි.
මේ අනුව මැදපෙරදිග ඇතුළු විදෙස් රටවල් වලින් කාණ්ඩ වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව පැවසෙනවා.
