News

ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රමාදවන ලකුණු

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ නිකුත් නොකිරීම නිසා රජයේ රෝහල්වල එම පරීක්ෂණ සිදු කිරීම තවත් ප්‍රමාද වන බව වාර්තා වෙයි.

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කළ යුතු මාර්ගෝපදේශ මාලාව විද්වත් කමිටුව විසින් සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලබාදී ඇත. එහෙත් එම මාර්ගෝපදේශ මාලාවට ඊයේ (13) පස්වරුව වන තුරු ඔවුන් අනුමැතිය ලබාදී නොතිබුණි.

එහෙත් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීම පිළිබඳ ක්ෂේත්‍ර පුහුණුව සෞඛ්‍ය සේවකයින්ට ලබාදීම මේ වන විට ආරම්භ කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල ලක්ෂයක් වෛද්‍ය සැපයුම් අංශයට ලබාදී තිබේ. මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමෙන් පසු එම කට්ටල පරීක්ෂණ සඳහා යොදා ගැනීමට නියමිතව ඇත. කොවිඩ් ආසාදිත රෝගීන් ක්ෂණිකව සොයාගැනීම සඳහා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රමවේදයද භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

උදයජීව ඒකනායක