කළුතර රැඳවියන් විරෝධතාවය නවතයි
කළුතර බන්ධනාගාර රැඳවියන් පිරිසක් ආරම්භ කර තිබූ විරෝධතාවය මේ වනවිට නතර කර තිබේ.
තමන්ට කඩිනමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් කළුතර බන්ධනාගාරයේ රැඳවියන් 20 දෙනෙකු පමණ ඊයේ (13) දහවල් බන්ධනාගාර වහළක් මතට නැගී විරෝධතාවයක නිරත විය.
රස පරීක්ෂක වාර්තා ප්රමාද වීම හේතුවෙන් තමන්ගේ අධිකරණ කටයුතු ප්රමාද වී ඇති බව පවසමින් ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බව වාර්තා වේ.
බන්ධනාගාර නිලධාරීන් සිදුකළ කරුණු පැහැදිළි කිරීමකින් අනතුරුව රැඳවියන් විරෝධතාවය නතර කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
