සෙවනගල අපිරිසිදු වෙළඳසැල් සොයා සිදු කළ වැටලීමකදී දහයකට නඩු
සෙවනගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රැසක් සහභාගි කර ගනිමින් සෙවනගල නගරයේ අපිරිසිදු ආහාර අලෙවි කරන වෙලදසැල් සොයා විශේෂ වැටලීමක් ඊයේ දවස පුරා ක්‍රියාත්මක කරනු ලැබිනි.
මෙහිදී අපිරිසිදු ආහර,කල් ඉකුත් ආහර සහ පරිභෝජනයට නොසුදුසු ආහාර අලෙවි කල වෙලදසැල් හිමියන් දස දෙනෙකු සදහා අධිකරණය හමුවේ නඩු පවරා ඇත.තවත් වෙලදසැල් රැසකටම රතු නිවේදන නිකුත් කර ඇති අතර තවත් වෙලදසැල් රැසකටම දැඩිලෙස අවවාද කර තිබේ.
මෙම වැටලීමේදී වෙලදසැල් හැටකට ආසන්න ප්‍රමාණයක් පරික්ෂාවකට ලක් කර ඇති අතර මෙහිදී අපිරිසිදු ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් නඩු පැවරූ සැකකරුවන් මේ මස විසි එක් වන ද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැල්ලවාය – ජයන්ත වීරසේකර