නිරෝධායන නීති කැඩූ 20ක් පොලිස් අත්අඩංගුවේ
ගතවූ පැය 24ක කාලය තුලදී නිරෝධායන නීති කැඩූ පුද්ගලයන් 20ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
දුරස්ථභාවය පවත්වා නොගැනීම සහ මුඛ ආවරණ පැළඳ නොසිටීම යන කරනා සම්බන්ධයෙන් මෙලස අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
තවද පසුගිය ඔක්තෝම්බර් 30වන දා සිට මේ දක්වා නිරෝධායන නීති කඩකිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 221දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
