News

වෙලදසැලකින් රුපියල් ලක්ෂ පනහක භාන්ඩ කොල්ලකෑ 05ක් මාට්ටු

වැල්ලවාය පොලිස් බල නුගයාය ප්‍රදේශයේ පවතින භාන්ඩ අලෙවි කරන ස්ථානයකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුතු විදුලි උපකරණ ඇතුළු භාන්ඩ රැසක් කලක පටන් කොල්ලකෑ සැකකරුවන් පස්දෙනෙකු එම භාන්ඩ ද සමග වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අතර එම වෙලදසැලේ සේවය කල සේවකයන් ද සිටින බව පොලිසිය පවසනවා. සැකකරුවන් විසින් රූපවාහිනී යන්ත්‍ර,ශීතකරණ,ගෑස් ලිප්,යකඩ පෑස්සුම් උපකරණ,බශල් යන්ත්‍ර ඇතුළු භාන්ඩ විශාල ප්‍රමාණයක් සැකකරුවන් විසින් කොල්ලකා ඇති අතර එවායේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට වැඩි බව පොලිසිය කියයි.

එම භාන්ඩ සැකකරුවන්ගේ නිවෙස් වල තිබී සහ වෙනත් පුද්ගලයන් හට අලෙවි කර තිබියේදී පොලිසිය විසින් සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් තෙලුල්ල,බිබිල සහ වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් වන අතර සැකකරුවන් පිලිවෙලින් වයස අවුරුදු විස්ස විසිදෙක විසි හතර යන වයස් වල පසුවන බව පොලිසිය කියයි.

සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස පලවන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.වැල්ලවාය පොලිස් පොලිසිය විමර්ශන සිදු කරයි.

වැල්ලවාය – ජයන්ත වීරසේකර