News

කැබිනට් අමාත්‍යධුර ලබාදීම තවදුරටත් ප්‍රමාද වෙයි?

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද(19) දිනයේදීත් දිවුරුම් දෙන බවට ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කළද මේ වනවිට ආරංචිමාර්ග සඳහන් කරන්නේ අදත් දිවුරුම් නොදෙනු ඇති බවටයි.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර ලබාදීම සම්බන්ධව ඇතිවී ඇති අර්බුදයක් හේතුවෙන් මෙම ඇමති මණ්ඩලය දිව්රුම් දීම ප්‍රමාදවීමට හේතුව බව ආරංචිමාර්ග සඳහන් කරන අතර කැබිනට් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය සඳහා ජනාධිපතිවරයාට යොමු කර ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැතිධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව සඳුදා (17) දින නව කැබිනට් මණ්ඩලය පත් කරන බවට සඳහන් වුවත් මෙතෙක් ඒ පිළිබඳ නිශ්චිත කාලයක් ප්‍රකාශයට පත් වී නොමැත.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරයෙකුට මෙවර අමාත්‍යධූරයක් ලබා නොදීමට කටයුතු කර ඇති බවට දේශාපලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා විසින් ඔහුට අමාත්‍යධූරයක් ලබා දීම තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.