පෑලියගොඩ මාළු කඩේට පැමිණෙන ධීවරයන් අඩු කරන්න සැලසුම්
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සමග ගනුදෙනු කරන සියලු තොග, සිල්ලර හා ජංගම මස්ත්‍ය ව්‍යාපාරිකයන් කඩිනමින් ලියාපදිංචි කර වාර්තා ඉදිරිපත් කරන්නැයි ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සියලු පළාත් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
මත්ස්‍ය වෙළෙඳපොළට පැමිණිය යුතු දින ගණන් බෙදා වෙන් කිරීම මෙහි අරමුණ වෙයි. එලෙස බෙදා වෙන් කළහොත් පැමිණෙන ව්‍යාපාරිකයන් පිරිස සීමා වන බව රාජ්‍ය ඇමැතිවරයා ‘අරුණ’ට ඊයේ (17 වැනිදා) කීවේය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය කඩිනමින් විවෘත කිරීමට පියවර ගන්නා බවත් එම ස්ථානයට පැමිණෙන මත්ස්‍ය ව්‍යාපාරිකයන් ප්‍රමාණය අවම කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් කී රාජ්‍ය ඇමතිවරයා සාමාන්‍ය දිනකට පැමිණෙන 3000ක පමණ ධීවරයන් 1000ක පමණ පිරිසකට අවම කිරීමට අපේක්ෂා කරන බවත් කීය.
එෆ්. අස්ලම්
