බෝගම්බරින් පැන්න රැඳවියෙක් මරුට
නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කෙරෙන බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් රැඳවියන් පිරිසක් ඊයේ (17) රාත්‍රියේ දී පළායෑමට උත්සාහ දරා තිබේ.
එහිදී බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කළේය.
තවත් එක් රැඳවියෙකු අතුරුදන්ව ඇති බවද බන්ධනාගාර ආරංචි පවසයි.
මෙම රැඳවියන් පස් දෙනාම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ අය වන අතර මියගිය රැඳවියා මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුදගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කෑගල්ල බන්ධනාගාර අධිකාරීවරයා පත්කර ඇති බව වාර්තා වේ.
