පාසල් නැවත ආරම්භ කිරීම ගැන අද විශේෂ සාකච්ඡාවක්
තෙවන පාසල් වාරය ආරම්භ කිරීමේ දිනය පිළිබදව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
ඒ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙනි.
පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.
ඒ සමගි ජනබලවේගයේ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදි පාසල් අධ්‍යාපන අඩාලවීම සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පාසල් දරුවන් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර, ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය මගින් ක්‍රියාකාරකම් පැවැත්වුවද දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට අන්තර්ජාල සම්බන්ධතා ගැටළු පවතින බව ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදි සදහන් කළේය.
