News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහායකයෙකුට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ රැගෙන යන පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඔහු කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ක‍්‍රීඩා භාණ්ඩ රැගෙන යන්නෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක් වන අතර කොළඹ නගර සභා සීමාවේ පදිංචිකරුවෙක් වේ.

ආසාදිත පුද්ගලයා දිරි සතියේ ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක සේවයට යෑමට නියමිතව සිට ඇති අතර ඊට පෙර සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයේදී ඔහු ආසාදිත යයි හෙලි වී තිබේ.LPL යන්න හිටපු කෙනෙක්

මෙම ආසාදිතයා හඳුනාගැනීමත් සමඟ පල්ලෙකැලේ පුහුණුවකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයයේ නිලධාරීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු හෝටල් කාමරයක නිරෝධායනය කර තිබේ