ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ද ඇති වේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේ දීත් සිහින් වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.
