රාමඤ්ඤ නිකායේ මහා නායක ධූරයට මකුලෑවේ විමල අනුනායක හිමි පත්වෙයි
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධුරයට අතිපුජ්‍ය මකුලෑවේ විමලාභිධාන මා හිමිපාණන් පත්වීම සිදුවී ඇති අතර අද (22) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව එම පත්කිරීම සිදුකර තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගල්ගමුව මකුලෑව ප්‍රදේශයේ 1948 අගෝස්තු මස 25 උන්වහන්සේ උපත ලබා තිබේ.
1959 වසරේ මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයට පැමිණ 1960 මාර්තු මස 24දා ලෝලුවාගොඩ මහේන්ද්‍රරාමාධිපතිව වැඩවිසූ දිසාපාලක වේවැල්දෙණියේ නන්දසිරි මා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද හිමිගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට ඇතුලත්ව තිබේ.
1969 ජුලි 22 වන දා කොළඹ, තොටලග කල්‍යාණී නදී උදකුක්බේප සීමාමාලකයේ දී උන්වහන්සේ උපසම්පදාව ලබා ඇත.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටකාචාර්ය උපාධියත් ,බුද්ධශ්රාවක ධර්ම පීඨයේ ත්‍රිපිටකවේදී උපාධියත්,පරියන්ති පාලක සභාවෙන් ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිය ද ලබාගත් උන්වහන්සේ්, කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පැවැත් වු සද්ධම්මාචරිය සහ විනයාචරිය විභාගවලින් සමත්ව උපාධි හිමිකර ගෙන කැලණිය සරසවියට ඇතුළත් ව ඇත.
එසේම 1982 දී ගෞරව ශ්‍රාස්ත්‍රවේදී උපාධිය සහ 1990 වසරේ සරසවියේ දී පශ්චාත් උපාධි ආයතනයෙන් ශ්රාස්ත්රපති උපාධියද ලබාගෙන ඇත.
එසේම උන්වහන්සේ රාමඤ්ඤ මහා නිකායේ 14 වැනි මහ නාහිමියන් ලෙසින් අද දිනයේ එම තනතුරට පත්කර තිබේ.
