News

වෛද්‍යවරයෙක් පාසල් සිසුවෙක්ට වෙඩි තියලා

ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ පාසල් සිසුවෙකු වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ

එම සිසුවා විද්‍යාල ක්‍රීඩාංගණයේ ඊයේ(22) සවස තවත් සිසුන් කිහිප දෙනෙකු සමග ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව විදුහල අසළ නිවසකට ගොස් ඇති අතර, එය ගැනීමට යාමේදී අදාළ නිවසේ සිටි වෛද්‍යවරයෙකු විසින් වායු රයිෆලයක් ආධාරයෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

පාසැල් සිසුවාට වෙඩි තබා ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු වන අතර ඔහුව මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර වෛද්‍යවරයා අද(23) දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.