News

කුරුණෑගල මහවීදිය වැසෙයි

කුරුනෑගල නගරයේ ප්‍රධානම වීදිය ලෙස සැලකෙන මහා විදියේ ව්‍යාපාරික ස්ථාන රැසක කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇති අතර එබැවින් සංචරණ සිමා පනවා වීදිය තාවකාලිකව වසාදැමීමට කුරුණෑගල මහ නගරසභාව තීරණය කර ඇත.

මේ අනුව රථවාහන ගමනා ගමනය මාර්ග බාදක යොදා නවතා ඇති අතර විදිය තුල ඇවිද යාමට පමණක් ජනතාවට අවස්ථාව දී තිබේ. විදියට පිවිසීම අවහිර කර ඇතත් ආසාදිතයන් වාර්තා වූ වෙළඳ සැල් හැර අනෙකුත් සියලු වෙළඳසැල් විවෘතව තැබීමට බාදාවක් නොවන බවද වාර්තාවේ.

මේ වනවිට මහ විදියේ ආසාදිතයන් වාර්තාවී ඇති ව්‍යාපාරික ස්ථාන 08ක් පවතින බවද වාර්තාවේ.