හුදකලාව ඉවත්කළ ප්‍රදේශ වලින් ආසාදිතයන් 44ක්
හුදකලා කිරීම් ඉවත්කළ ප්‍රදේශ වලින් ආසාදිතයන් 44ක් හමුවී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.
ඒ අනුව බොරැල්ලෙන් ආසාදිතයින් 25 ක් දෙමටගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයන් 15ක් හඳුනා ගෙන ඇත. එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත ප්‍රදේශයෙන් එක් ආසදිතයෙක් සහ ජාඇළ ප්‍රදේශයෙන් ආසාදිතයන් තිදෙනෙක් හඳුනා ගෙන තිබේ.
