News

ව්‍යාජ තොරතුරු දී රුසියාවට පැන්න 27ක් අත්අඩංගුවේ

ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපන හා රැකියා සඳහා ගිය ලාංකිකයන් 27දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ බව රුසියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සඳහන් ක‍රනවා.

මෙලෙස අත්අඩන්ගුවටගෙන ඇත්තේ මේ වසරේ රුසියාවට ගිය ලාංකිකයන් පිරිසක්.

මෙම ලාංකිකයන් 27දෙනාගෙන් 17ක් දැනටමත් සිර දඬුවම් අවසන් කර ඇති අතර ඔවුන් දිවයිනට යවා ඇති අතර තවත් පුද්ගලයන් දස දෙදෙනකු එරට රැඳවුම් මධ්‍යස්ථාන භාරයේ සිටින බවද පැවසෙනවා.

දැනට රඳවා සිටින එම දසදෙනා දැනට නීතිමය කටයුතු සිදුවන බැවින් ඔවුන් එරට විවිධ නගර වල ඇති රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා ඇතැයි ද තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.

එසේම මෙරට ඇතැම් ඇති ව්‍යාජ විදේශ රැකියා සහ අධ්‍යාපනික නියෝජිතායතනවලට එරෙහිව රුසියාවේ තානාපති කාර්යාලයට ලැබෙන පැමිණිලි ඉහලගොස් ඇති බවද එවැනි ව්‍යාජ ආයතන වලට නොරැවටෙන ලෙසද රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.