බණ්ඩාරවෙල මුව ආවරණ පැළඳ නොසිටි 25කට නඩු
සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් මුව ආවරණ පැළඳ නොසිටි බණ්ඩාරවෙල එළවළු තොග වෙළඳ පොළේ සිටි 25දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම පිරිස සම්බන්ධයෙන් අද (23) නඩු පැවරීමට කටයුතු කළ බව වාර්තා වේ.
වෙළෙන්දන්, ගොවින් ව්‍යාපාරිකයින් ,පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා පෙන්වා දී තිබේ.
සිවිල් කණ්ඩායමක් ලෙස ගොස් එම වැටලීම සිදුකර ඇති බවද වාර්තා වේ.
