ජනප්‍රිය පියෙකුගේ ජනප්‍රිය පුතෙකුට කොරෝනා
මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
ඔහුගේ පියාද මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු බව වාර්තා වේ.
රංගන ශිල්පියා මහනුවර ප්‍රදේශයේ ටෙලි නාට්‍ය රූගත කිරීමට සහභාගි වී පසුව 19වන දින කොළඹ පැමිණ ඇති අතර පසුව උණ රෝගී තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකින් පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇත.
එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වී ඇති බව වාර්තා වේ.
අදාල ටෙලි නාට්‍ය කණ්ඩායම සහ හෝටලයේ සේවකයන් මේ වන විට නිරෝධායනය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
