හපුතලේ දිසා රෝහල අසල උණුසුම් වෙයි
රෝගී වූ බිළිදෙකු ප්‍රතිකාර සඳහා හපුතලේ දිසා රෝහලට රැගෙනවිත් ඇති අතර රෝහලට තුලත් කර ගැනීමට නොහැකි වූ බිළිඳා පසුව මියගොස් ඇති බව වාර්තාවේ. අනතුරුව සිදුවූ සිදුවීමට විරෝධය පාමින් මියගිය බිළිඳාගේ ඥාතීහු ඇතුළු පිරිසක් අද (23)දින හපුතලේ දිසා රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ හපුතලේ පං කැටිය වත්ත ප්‍රදේශයේ බිළිඳෙක් බව පැවසෙනවා.
බිළිඳා රැගෙන පසුගිය 20වන දා අලුයම හපුතලේ දිසා රෝහලට පැමිණ ඇති අතර රෝගියා භාරගැනීමට කිසිවෙකුත් නොමැති වීම නිසා බිළිඳා දියතලාව මූලික රෝහලට රැගෙන යන අතර තුරදී මියගොස් තිබේ.
අනතුරුව අද දින (23) මෙලෙස දිසා රෝහලට මියගිය බිළිඳා රැගෙන විත් රෝහලේ පිවිසුම් ස්ථානයේ සේවය කල සේවකයාගේ ක්‍රියා කලාපයට විරෝධතාවය පළකර තිබේ.
රෝහල් කණිෂ්ඨ සේවකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පැවසේ.
