ව්‍යාජ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට
යුද හමුදාසේවයේ සිට විශ්‍රාම ගිය පුද්ගලයෙකු මුහුණු පොතෙහි වෛද්‍ය වරයෙකු ලෙස පෙනී සිටි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සතුව තිබී වෙද නලාවක් ,ඖෂධ , ශල්‍ය උපකරණ හා යතුරු පැදියක්ද සමග නිකවැරටිය රස්නායකපුර මාර්ගයේදී අද (24) අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සොයාගෙන තිබේ. මේ බව නිකවැරටිය පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරනවා
එසේම සැකකරු පරික්ෂාකිරීමේ දී තමා වෛද්‍යවරයෙකු බව සඳහන් කර ඇති අතර නමුත් සැකකරු පරික්ෂා කිරීමේදී 44 හැවිරිදි ඔහු යුද හමුදා විශ්‍රාමිකයෙකු බවට තහවුරු කරගෙන තිබේ.
එසේම මොහු කලක සිට ව්‍යාජ වෛද වරයෙකු ලෙස පෙනීඇති සිට ඇති බවද පොලීසිය සඳහන් කරනවා.
නිකවැරටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමලල මහතාගේ මෙහෙය වීමෙන් සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරක්ෂණ සිදුකරන බව වාර්තා වේ.
