News

දින 25ට පුද්ගලයන් 500කට අධික පිරිසක් මුඛ ආවරණ නැතිව අත්අඩංගුවේ

මුඛ ආවරණ නොමැතිවීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම හේතුවෙන් දින 25ක් තුල පුද්ගලයන් 527ක් පොලිස් අත්අඩංගුවට ගෙන් තිබේ.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ පසුගිය ඔක්තෝම්බර් 30 සිට මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරනවා.

එම අත්අඩංගුවට ගත් පිරිසෙන් 62 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෙවුන පැය 24ක කාලය තුලදී බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරනු ලැබුවා.

ඉදිරියේදී එම පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරන බවද වාර්තාවේ.