News

කතට පහර දුන් ඉංජිනේරුවාගේ වැඩ තහනම්

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ නිලධාරිනියකට ඊයේ (24) දිනයේදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන ඉන්ජිනේරුවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

දුරකතන අංකයක් ලබාදීමට ප්‍රමාද වූ බව කියමින් තමන්ට බැණ වැදුණු බවත් පසුව මෙලෙස පහරදුන් බවට එම නිලධාරිනිය චෝදනා කරන අතර පහරදීමට අදාළ දර්ශන අදාළ සේවිකාව විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍යයට මුදා හැර ඇත.

මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ අතර මෙවැනි හිංසනකාරි තත්ත්වයන් වැළැක්වීමට පක්ෂ බේදයකින් තොරව කටයුතු කළ යුතු බවත් අදාළ ඉන්ජිනේරුවරයාට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් එහිදී සඳහන් කළේය.