News

මැදපෙරදිග සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි මැදපෙරදිග රටවල් තුනක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 116 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද(26) අලුයම දිවයිනට පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 42 දෙනෙකු අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් ද කටාර් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඕමානයේ මස්කට් සිට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානයෙන් එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

සියලුම ගුවන් මගීන් කොළඹ පෞද්ගලික රෝහල් කීපයක කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.