රේගුව ඕන්ලයින් වැඩ කරයි
ශ්‍රී ලංකා රේගුවේ නව ඊ-ලියාපදිංචි කිරීමේ වැඩසටහන යටතේ ආයතන සහ පුද්ගලයන් 10500ක් ලියාපදිංචි වී ඇත. ශ්‍රී ලංකා රේගුවේ දැනට පවතින භාණ්ඩ ප්‍රවාහනය විධිමත් සහ සුරක්ෂිත කිරීම සඳහා මෙම විද්‍යුත් ලියාපදිංචිය ආරම්භ කළේය.
මෙම නව යාන්ත්‍රණය මගින් රේගු ලියාපදිංචිය අනිසි ලෙස භාවිතය තුරන් කිරීම, නීත්‍යනුකූල වෙළෙඳාමට පහසුකම් සැලසීම, පලදායී ලෙස දත්ත කළමනාකරණය සහ කඩදාසි භාවිතය අවම කිරීම යන ප්‍රතිඵල රේගුව විසින් අපේක්ෂා කෙරේ. 2020 ඔක්තෝබර් 31 වැනිදායින් මෙම ලියාපදිංචිය අවසන් කිරීමට නියමිතව පැවතුණද කොවිඩ් 19 දෙවැනි රැල්ල හේතුවෙන් එම දිනය නොවැම්බර් 14 වැනිදා දක්වා දීර්ඝ කෙරිණි. කෙසේ වෙතත් මෙම කාලසීමාව තුළ ද සිය ලියාපදිංචිය තහවුරු නොකරන ලද එතෙක් රේගුව සමග ගනුදෙනු කළ තවත් සමාගම් සහ පුද්ගලයන් 1000ක පමණ ලියාපදිංචිය ස්වයංක්‍රීයව අක්‍රිය වී ඇත.
දැනට සිටින සහ නව ආනයනකරුවන්, අපනයනකරුවන්, නැව් ඒජන්තවරුන්, උප නියෝජිතයන්, නිෂ්කාශන ආයතන, වෝෆ් ලිපිකරුවන්, ආයෝජන මණ්ඩල සමාගම්, සහායක නොවන මගී ගමන් මලු ගබඩා ක්‍රියාකරුවන් සහ කූරියර් සේවා මේ යටතේ ලියාපදිංචි කර තිබේ.
නයන තරංග ගමගේ
