News

මධ්‍යම පළාතේ 339කට කොවිඩ්

මධ්‍යම පළාතෙන් අද (27)වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 339 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 184 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 45 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී ඇත.

මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ගණන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුලින් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 53 ක් වෙයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණය 37ක් වෙයි.

මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණයක් නවයක් වෙයි.

ගෙවුණු පැය 24ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 21 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් හත් දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් පස් දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන් දආසාදිතයින් නව දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.