විමල් ඇමරිකන් ක්‍රමය ඉල්ලයි
යම් ජාතිකත්වයට හෝ ආගමකට අයත් ජනතාවකට බලපාන ලෙස නීති හෝ ජාතිකත්වය අනුව පරිපාලන ඒකක නම් කිරීම හෝ වෙනස් කිරීම, ඒකාබද්ධ කිරීම මෙන්ම නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හා ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හෝ හමුදාපති, පොලිස්පති, නීතිපති, මහබැංකු අධිපති ආදී තනතුරු සඳහාත් ඉඩ නොදෙන නව ව්‍යවස්ථාවක් සැකසිය යුතු බව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුවට යෝජනා මාලාවක් භාර දී ඇත.
ප්‍රධාන කරුණු පහක් පදනම් කර ගනිමින් කරුණු 23කින් අඩංගු යෝජනාවලියේ කුමන යෝජනාවක් නිසා හෝ නව ව්‍යවස්ථාවට ඇතුළත් නොකළ යුතු දේ. ඊට අනිවාර්යෙන්ම ඇතුළත් විය යුතු දේ, වත්මන් ව්‍යවස්ථාවෙන් ගත යුතු හා නොගතයුතු සහ නිවැරදි විය යුතු දේ, විධායක ජනපති ක්‍රමය හා ඡන්ද ක්‍රමය සහ ඓතිහාසික වැරැදි නිවැරැදිකරීම් යනුවෙන් ඇතුළත් කර තිබේ.
ඒ අනුව නව ව්‍යවස්ථාවට ඇතුළත් නොකළ යුතු කරුණු අතරට ජාත්‍යන්තරයට හෝ ආගමකට අයත් ජනතාවට බලපෑ නීති හෝ පරිපාලන ඒකක නම් කිරීම, වෙනස් කිරීම හෝ ඒකාබද්ධ කිරීම සිදු නොකළ යුතු බවට යෝජනා කර ඇත.
විදේශ ප්‍රතිපත්තියේ නොබැඳි ප්‍රතිපත්තිය ලෙසත්, විදේශීය හමුදා රටට ඇතුළු වීම හෝ වෙනත් රටකට එරෙහිව මෙරට භූමිය, අහස, මුහුදු භාවිතා කිරීමට ඉඩනොදීම, ද්විත්ව පුරවැසියන්ට ජනපතිධුරයට, පාර්ලිමේන්තුවට මෙන්ම හමුදාපති, පොලිස්පති, නීතිපති, විනිසුරුවන්, මහබැංකු අධිපති යන තනතුරුවලට පත්වීමට ඇති ඉඩ නව ව්‍යවස්ථාවෙන් ඇහැරිය යුතුය.
එක් එක් ව්‍යවස්ථාවේ ඇති ඒකීය භාවය හා බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය, නව ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව යෝජනා කර ඇත.
ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී තේරී පත්වීමේ දී ඇමරිකාව මෙන් එකම දිනයක මැතිවරණ පැවැත්වීමටද එමගින් යෝජනා කර තිබේ.
චමින්ද සේනාරත්න
