හුදකලා ප්‍රදේශවලට වෙන දේ මෙන්න
කොවිඩ් අවදානම් ප්‍රදේශවල ඉදිරි කටයුතු එළඹෙන සතියේ සඳුදා උදෑසනින් පසු කෙරෙන ආකාරය පිළිබඳව අද සවස හෝ හෙට උදෑසන රටට දැනුම්දීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙම සතිය පුරාවට කරනු ලැබූ විශ්ලේෂණ සහ අද දිනයේදී සිදුකරන සම්පූර්ණ විශ්ලේෂණයකට අනුව ලබන සතියේ සඳුදා උදෑසනින් පසු ඉදිරි ක්‍රමවේදය පිළිබඳව අද සවස් කාලයේදී හෝ හෙට උදෑසන රටට දැනුම්දීමට නියමිත බව යුද හමුදාපතිවරයා පවසයි.
අවශ්‍යම කොටසක් පමණක් හුදකලා කිරීමට උත්සහ කරන අතර එය එක පාරක්, මහල් නිවාසයක් හෝ ගමක එක් කොටසක් වීමට හැකි බව හමුදාපතිවරයා පවසයි.
ආසාදිතයින් හමු වූ විට ඔවුන් විසිරී සිටින ආකාරය සිතියමකට ගෙන බලන අතර ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරන බවත් හුදකලා නොකර ආසාදිතයින් හමුවන ප්‍රදේශ පිළිබඳවත් මේ වනවිට අවධානය යොමුකර තිබෙන බවත් හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
