News

විදෙස්ගත ලාංකිකයන් 277ක් දිවයිනට

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් දෙකක සහ ඉන්දියාවේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද(28)දින දිවයිනට පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 76 දෙනෙකු ද , එරට අබුඩාබි සිට 42 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 96 දෙනෙකු ද , ඉන්දියාවේ චෙන්නායි සිට 53 දෙනෙකු මෙලෙස කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත.

ඔවුන් සියලුදෙනාට ගුවන්තොටුපළ පරිශ්‍රයේදී PCR පරික්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.