News

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි

 

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත මෙහෙවර, ජටිල දමනය ඇතුළු වැදගත් සිදුවීම් රැසක් අද (29) දිනට යෙදුන ඉල් පුර පසළොස්වක පොහොය දින සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වී තිබේ.

එසේම කඨින මාසය අවසන් වීමෙන් පසු සිදුකරන කථින චීවර පූජාව සිදුකළ හැකි අවසන් දිනය වන්නේ අද ට යෙදුන ඉල්පුර පසළොස්වක පොහොය දිනයි.

එසේම රටෙහි පවත්නා වසංගත අවදානම් තත්වය හමුවේ කඨින චීවර පුජා පිංකම් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සීමිත සහභාගිත්වය කින් සිදුකිරීම කලයුතු බව මහා සංඝරත්නය මහජනතාවට දැනුම් දෙනවා.