News

මාතලේ වසම් දෙකකට සංචරණ සීමා

මාතලේ ග්‍රාම නිලධාරි වසම් දෙකකට සංචරණ සිමා දමා ඇත.

මාතලේ යටවත්ත උණවේරුව නව ජනපදය ප්‍රදේශයෙන් ආසාදිතයන් 5ක් හමුවීමත් සමඟ ග්‍රාම නිලධාරි වසම් දෙකකට මෙලස සංචරණ සිමා යෙදීමට යටවත්ත කොරොනා මර්දන කමිටුව තීරණය කර තිබේ.

මේ අනුව උණවේරුව සහ අලුත්ගම උතුර ග්‍රාම නිලධාරි වසම් සඳහා සංචරණයට සිමා කර ඇති අතර ප්‍රදේශයේ ජනයාට අවශ්‍ය සහන කටයුතු යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සිදුකරන බව පැවසේ.