News

අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීම අද

නව කැබිනට් අමාත්‍යංශ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද(21) ලේකම්වරුන් පත් කිරීමට නියමිතව ඇත.

අදාළ අමාත්‍යංශ විෂය පථය සහ ආයතන ඇතුළත් ගැසට් නිවේදනය ලබන සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති අතර ඊයේ දින දිව්රුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද සිය ධුර වල රාජකාරි කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවද වාර්තා වේ.