News

කොරෝනා දේහවල අවසන් කටයුතුවලට මුස්ලිම් සංවිධානයකින් නොමිලේ මිනී පෙට්ටි

කොවිඩ් – 19 වයිරසය හේතුවෙන් මියයන පුදගලයින්ගේ දේහ සඳහා නොමිලේ මිනි පෙට්ටි ලබාදීමට මුස්ලිම් ස්වේච්ඡා සංවිධානයක් ඉදිරිපත්ව සිටියි.

‘‘Shihara Janaza Foundaton’’ නමැති මෙම ස්වේච්ඡා සංවිධානය විසින් කොවිඩ් වයිරසය වැලඳී මිය යන ඕනෑම ජාතියකට හෝ ආගමකට සම්බන්ධ අඩු අදායම්ලාභී අය හට නොමිලේ මිනී පෙට්ටි ලබා දෙන බව එම සංවිධානයේ නිර්මාතෘ හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් පැවසීය.

මිනී පෙට්ටි ලබාදීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශය මත කොළඹ දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල් වෙත බෙදාදීම මේ වනවිටත් ආරම්භ කර තිබේ. මෙම මිනී පෙට්ටියක වෙළඳ පොළේ සාමාන්‍ය වටිනාකම රුපියල් 35,000 ක් පමණ වෙයි.

ඉන්දික ශ්‍රී අරවින්ද